
මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් බී සාමාර්ථ තුනක් ලබාගනිමින් විභාගය ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලියදේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්ව තිබේ.
මෙසේ අකල් මරණයට ලක්ව තිබුණේ වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තෝරයාය රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී.මනුජය හංසමාල් නමැති තරුණයෙකි.
ඔහු පෙරේදා (7) රාත්‍රියේ නිවසේ නිදා සිටියදීම මරණයට පත්ව සිටි බව වැල්ලව පොලීසිය පවසයි. උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවකු ලෙස තාවකාලිකව රැකියාවකද නිරතව සිට ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval