new-covid-variant-pirola-warning

කොරොන වයිරසයේ පිරෝලා ප්‍රභේදය එංගලන්තයේ රැකවරණ නිවාසයක තිබී සොයා ගත් බව එරට මාධ්‍ය වාර්තා කර ිතබේ. රෝගයට ධනාත්මක බව පෙන්වූ 33 ක්, පෙන්වා ඇතිඅතර නව ප්‍රබේදය වෙනුවෙන් එන්නත් ලබාදීම ගැන උපදෙස් දීමට වෛද්‍ය වෘත්තිකයන් පොළඹවා ඇතැයි වාර්තා වල දැක්වේ.
එක්සත් රාජධානියේ Norfolk සත්කාරක නිවසක නව කොරෝනා වයිරස් ප්‍රභේද‍ෙසොයාගෙන ඇතිබව හා පිරෝලා වෛරසය  "පැතිරීම" පිළිබඳ අනතුරු ඇඟවීම එරට සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් තහවුරු කරන ලදී.

රෝහල් ගතව ඇත්තේ තවම එක් අයෙකු පමණි.
විද්‍යාත්මකව BA.2.86 ලෙස හැඳින්වෙන Pirola ප්‍රභේදය නිවැසියන් 22 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ හය දෙනෙකුට ආසාදනය වී ඇති නමුත් ඉතිරි පස් දෙනා නව ප්‍රභේදයෙන් ආසාදනය වී නොමැති බව පසු පරීක්ෂණ වලදී සනාථ විය.
ආසාදිතයින් සඳහා ආසාදන පාලන උපදෙස් සහ සහාය ලබා දීමට විශේෂඥයින් දැන් Norfolk County Council සමඟ කටයුතු කරමින් සිටී.
Pirola ප්‍රභේද ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ අගෝස්තු 18 වන දින වන අතර එතැන් සිට UKHSA විසින් එය ප්‍රජාව තුළ සංසරණය වන බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.


ප්‍රභේදය අනෙක් ඒවාට වඩා භයානක බව කීමට තවමත් කිසිදු සාක්ෂියක් සොයාගෙන නැත, නමුත් බූස්ටර එන්නතක් සඳහා සුදුසුකම් ඇති අයට ඔවුන්ගේ පහසුව සඳහා එකක් ලබා ගන්නා ලෙස ඉල්ලා සිටින බව මෙට්‍රෝ ප්‍රවෘත්ති වාර්තා කරයි.