harak-kata-cid-break-attempt

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා සම්බන්ධයෙන් බැලීමට පැමිණෙන අමුත්තන් සම්බන්ධයෙන් සොයාබැලීමේ නිරතව සිටි බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයේ නිලධාරීන් 8 දෙනකු හරක් කටා පැන යාමට උත්සාහ කිරීමේ සිද්ධිය වීමට පෙර ඉවත් කර ඇති බව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. හරක් කටා විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ ගිනි අවියක් උදුරාගෙන පලායෑමට උත්සාහ කිරීමේ සිද්ධියට සති දෙකකට පමණ පෙර මෙම පිරිස ඉවත් කර ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බුද්ධි නිලධාරීන් වැඩි පිරිසක් සිටින හෙයින් එම පිරිසට මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.මෙම බුද්ධි නිලධාරීන් විශේෂයෙන් සෙනසුරාදා හා ඉරිදා දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත රැඳී සිටිමින් පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරු සොය බැලීම් කරන බව ද පොලිස් ආරංචි මාර්ග කියයි.

මෙම පිරිස ඉවත් නොකර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියමිත පරිදි පරිදි රාජකාරියේ යොදවා සිටියේ නම් හරක්කටා පලා යෑමට උත්සාහ කළ දින සැකකාර කොස්තාපල්ට පලා යෑමට ඉඩ නොලැබෙන බවත්, ඔහු අත්අඩංගුවටගැනීමට හැකියාව තිබු බවත් පොලිස් ආරංචි මාර්ග කියයි. එසේම එදින හරක් කටා පලා ගියේ නම් ඔහු රැගෙන යෑමට අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තුව අවට තිබූ සුදානම සම්බන්ධයෙන් තොරතුරු සියල්ල හෙළි කර ගැනීමට ඉඩ තිබු බවද එම ආරංචි මාර්ග කියයි.



සැකකාරකොස්තාපල් අපරාධ  පරීක්ෂණදෙපාර්තමේන්තුවෙන් පලාගියේ කෙසේද?, ඔහු රැගෙන ගියේ කෙසේද? යන්න තොරතුරු හෙළි කර ගැනීමට ඉඩ කඩ තිබු බව ද එම ආරංචි මාර්ග පවසයි.හරක් කටා පලා යෑමට උත්සාහ කිරීමට පෙර සැකකාර කොස්තාපල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සෙසු බුද්ධි නිලධාරීන් රැඳී සිටින ස්ථාන වලට පැමිණ ඔත්තු බලා ගොස් ඇති බවට තොරතුරු ඇති බවද එම ආරංචි මාර්ග කියයි.මේ අතර සැකකාර කොස්තාපල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන පලාගිය වෑන් රථයක් මාතර සොයාගෙන ප්‍රදේශයෙන් ඇති බවත්, එම වෑන් රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකර ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉන්දිකා රාමනායක