Australian-man-fined-for-taking-pet-snake-surfing

තම සුරතල් සර්පයා රළ පැදීම සඳහා රැගෙන යන ආකාරය රූගත කළ ගෝල්ඩ් කෝස්ට් ජාතිකයෙකුට , ඕස්ට්‍රේලියානු වනජීවී බලධාරීන් විසින් දඩ නියම කර තිබේ.
හිගෝර් ෆියුසා සහ ඔහුගේ බ්‍රෙඩ්ලි කාපට් පිඹුරා වූ  ශිවා මේ මස මුලදී ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයින් බවට පත් වූයේ ඔවුන්ගේ වීඩියෝවක් ප්‍රචාරය වීමත් සමගය.

වනජීවී බලධාරීන් පවසන්නේ මෙම පුද්ගලයා, ශිවා නම් වූ පිඹුරාව අනතුරට පත් කළ බවත්, ප්‍රසිද්ධියේ පිටතට ගෙන යාමෙන් සර්පයා තබා ගැනීමට ඔහුට ලබා දුන් අවසරය කඩ කළ බවත්ය.

ක්වීන්ස්ලන්ත පරිසර හා විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ෆියුසා මහතා ප්‍රාදේශීය මාධ්‍යවල පෙනී සිටීමෙන් පසුව  ඔහු පිළිබඳව විමර්ශනය කිරීම ආරම්භ කළ බවත්, මේ සතියේ ඔහුට ඔස්ට්‍රේලියානු ඩොලර් 2,322 (පවුම් 1,207; ඩොලර් 1,495) දඩයක් නිකුත් කළ බවත්ය.

දේශීය සුරතල් සතුන් ප්‍රසිද්ධියේ රැගෙන යාමෙන් ඔවුන්ට අනවශ්‍ය ආතතියක් ඇති විය හැකි අතර ඔවුන් “අනපේක්ෂිත ලෙස හැසිරිය හැකි” බව වනජීවී නිලධාරි ජොනතන් මැක්ඩොනල්ඩ් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

"සර්පයන් පැහැදිලිවම සීතල-ලේ සහිත සතුන් වන අතර, ඔවුන්ට පිහිනීමට හැකි වුවද, උරගයින් සාමාන්යයෙන් ජලයෙන් වැළකී සිටියි," යැයි ඔහු පැවසීය.



"පයිතන් ජලය අතිශයින් සීතල වන අතර සාගරයේ සිටිය යුතු එකම සර්පයන් වන්නේ මුහුදු සර්පයන් ය."

මෙම සිදුවීම මහජන ආරක්ෂාව පිළිබඳ කනස්සල්ලට හේතු වූ අතර පිඹුරා දේශීය වන සතුන්ට රෝග පැතිරීමේ තර්ජනයක් ද මතු කළේය.

නමුත් ෆියුසා මහතා මීට පෙර ප්‍රාදේශීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ ශිවා ජලයට ආදරය කරන බවත් , පිඹුරා ඔහු සමඟ අවම වශයෙන් 10 වතාවක් පමණ රළ පැදීම කර ඇති බවත්ය.

"මම නිතරම ශිවා වෙරළට රැගෙන ගියේ ඇය වතුරේ පිහිනීමට ප්‍රිය කල නිසා, එබැවින් දිනක් මම ඇයව රළ පහරක් සඳහා රැගෙන යාමට තීරණය කළා, ඒ සදහා ඇයත් කැමත්තක් දැක්වූවා," ලෙස ඔහු ඕස්ට්‍රේලියානු ගුවන් විදුලි සංස්ථාවට පැවසීය.

රේන්බෝ බොක්කෙහි සැරිසැරීම සඳහා කීර්තියක් ලබා ගත් පළමු සත්වයා ශිවා නොවන අතර ඩක් නම් තාරාවා ඕස්ට්‍රේලියානු සර්ෆින් ශූර ස්ටෙෆ් ගිල්මෝර්ගේ රළ සොරකම් කිරීමට පවා ප්‍රසිද්ධ වී ඇත.