
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට අපහාස වන ආකාරයෙන් ෆේස්බුක් සහ යූ – ටියුබ් නාළිකා ඔස්සේ ප්‍රකාශයක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුවට මෙම මස 6 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (31දා) සිතාසි නිකුත් කළේය.
තමා ජනතා විමුක්ති පෙරමුණත් සමඟ එක්ව මුදල් ආයෝජනය කර ඇති බවට දුමින්ද නාගමුව ෆේස්බුක් හා යූ-ටියුබ් නාළිකා ඔස්සේ තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රචාරයක් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලමින් අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලක් අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් දුමින්ද නාගමුවට එසේ සිතාසි නිකුත් කෙරුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval