Doctors-kill-Irma-the-oldest-53-elephant-in-the-Netherlands-for-suffering

යුරෝපානු රටක් වන නෙදර්ලන්තයේ රොටර්ඩෑම්හි සත්වෝද්‍යානයක වාසයකරමින් සිටි එරට වයස්ගතම ඇතා වන ඉර්මා වයස අවුරුදු 53 දී ජීවිතක්ෂයට පත්කළ බව එරට වාර්තා සඳහන්කරයි.
 රොටර්ඩෑම්හි Diergaarde Blijdorp නමැති සත්වෝද්‍යානයේ සිටි ඇතින්න සෞඛ්‍ය ගැටළු හේතුවෙන් විස එන්නත්කර ඝාතනය කිරීමට තීරණය කර ඇත්තේ පශු වෛද්‍යවරයා සහ භාරකරුවන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.



ඉර්මා 1970 දී කෝපන්හේගන් හි උපත ලැබූ අතර වසර පහකට පසු රොටර්ඩෑම් වෙත පැමිණියාය.  ඇය නෙදර්ලන්ත සත්වෝද්‍යානයක ප්‍රසූත කළ පළමු ඇතා ලෙස ප්‍රකට විය. 2014 වන විට ඉර්මා මිත්තණියක් බවට පත් විය. අලි පැටවුන් හය දෙනෙකු බිහි කළ අතර, මුණුබුරන් 14 දෙනෙකු සහ මිනිබිරියන් හතර දෙනෙකු සිටි බව පැවසිණි.

ඉර්මාගේ සෞඛ්‍යය වසර ගණනාවක් තිස්සේ පිරිහී තිබූ අතර මෑත සතිවලදී සැලකිය යුතු ලෙස නරක අතට හැරුණි. ඇයගේ බර සැලකිය යුතු ලෙස අඩු වී, සිරුර වකුටුවී අභ්‍යන්තරයට නැඹුරු වූ බවත්, ආහාර ඇඹරීමට අත්‍යවශ්‍ය මවුලයන් අතුරුදහන් වූ බවත් පශු වෛද්‍යවරුන් පවසා තිබුණි. ඇයට සන්ධි ගැටළු ද පැවති අතර වේදනාව සමනය සඳහා නිරන්තර ඖෂධ ලබාදෙන්නට සිදු විය. සත්වෝද්‍යානයට අනුව, අන්තිම කාලයේ ඇය වැඩි වැඩියෙන් රංචුවෙන් හුදෙකලා වීමට උත්සාහ කළාය.

“අපි එකතුවෙලා ගත්ත තීරණය ලේසි වුණේ නැහැ. ඉර්මා රොටර්ඩෑම් අලි පවුල තුළ වැදගත් සමාජ භූමිකාවක් ඉටු කළා. ඇය මුළු හස්ති රාජවංශයක්ම බිහි කළා.. නමුත් ඇගේ ජීවිතය ඇයට වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බව අපි දුටුවා, එයින් මිදීමට වෙන මාර්ගයක් නැත ඒ නිසා අපි ඝාතනයට තීරණය කළා” අලි රකින Kasper Willebrandts වෛද්‍යවරයා පැවසීය.

මියගිය අලියාගේ සිරුර සඳුදා සත්වෝද්‍යානය විවෘත කිරීමට පෙර භාණ්ඩ ප්‍රවාහන කණ්ඩායමක් විසින් සත්වෝද්‍යානයෙන් පිටතට රැගෙන යන ලදි. පසුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා Utrecht විශ්ව විද්‍යාලය වෙත ප්‍රවාහනය කරන ලදී.  ඇටසැකිල්ල හෝ අස්ථි ද්රව්ය අධ්යාපනික අරමුණු සඳහා යොදවන බව සඳහන්ය.