
ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් ගෙන එමින් රෝගී ජීවිත අනතුරේ හෙළීම කෙහෙළිය රඹුක්වැල්ලගේ තනි තීරණයක් නොවෙයි, මුළු ආණ්ඩුවේ ම මැති ඇමැතිවරුන්ගේ සාමූහික තීරණයක් බව විශ්වාසභංග ඡන්ද ප්‍රතිඵල අනුව පැහැදිලි වුණා" යැයි සමගි ජන බලවේගය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (8 දා) පැවසීය.
සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජය වීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ඔහු මේ බව කීවේය. අත්තනායක මහතා මෙසේ ද පැවසීය.
‘බාල බෙහෙත් නිසා මිනිස්සු මැරුණු බව රටේ ජනතාව වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුත් ඔක්කොම දන්නවා. ඒවා ගෙන්වන්න තනි වගකිවයුත්තා කෙහෙළිය නම් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට තිබ්බේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන්නයි. මොකද ඊළඟ සෞඛ්‍යය මැති පත් වෙන්නෙත් ආණ්ඩුවේ කෙනෙක්නෙ. නමුත් අසරණ රෝගීන් ගැන තුට්ටුවකටවත් මායිම් නොකර ආණ්ඩුව කෙහෙළියව රැක්කා. ඒකෙන් පේන්නේ බාල බෙහෙත් ගෙනල්ල රෝගී ජීවිත සෙල්ලමට ගන්න එක කෙහෙළියගේ තනි තීරණයක් නොවෙයි මුළු ආණ්ඩුවේ ම සාමූහික තීරණයක් බවයි. ජනතාව මේ ගැන හොඳට තේරුම් ගන්න ඕනෑ.‘
Comments
Post a Comment
Your comment will be visible after approval