NASA-succeeds-in-producing-oxygen-on-Mars

ඇමරිකානු නාසා ආයතනය ලොව ප්‍රථමවරට සිදුකළ අත්හදා බැලීමකදී ගගනගාමියෙකුට පැය කිහිපයක් පවත්වා ගැනීමට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඟහරු මත නිපදවා ඇත.

නාසා ආයතනයේ රෝවරයේ ඇති උපකරණයක් අඟහරු මත ඔක්සිජන් නිපදවීමේ ලොව ප්‍රථම අත්හදා බැලීම අවසන් කරමින් මාධ්‍ය වෙත කරුනු පැහැදිලි කර ඇත. ටෝස්ටරයක ප්‍රමාණයේ උපකරණයක මෙය සිදු විය.

ගගනගාමියෙකුට පැය කිහිපයකට ඔරොත්තු දීමට ප්‍රමාණවත් ලෙස නිපදවා ඇති අතර එය අනාගත මානව ගවේෂණය සඳහා බලාපොරොත්තුවක් ලබාදී තිබේ.

2021 පෙබරවාරි මාසයේදී අගහරු ග්‍රහලෝකයට ගොඩ බැස්ස Perseverance රෝවරය, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් හරහා කුඩා ඔක්සිජන් ප්‍රමාණයක් ජනනය කිරීම සඳහා වරින් වර දහනය කිරීම් සිදු කර තිබුණි.

මයික්‍රෝවේව් උදුනකට වඩා විශාල නොවන උපකරණයක් භාවිතා කරමින්, මුළු ඔක්සිජන් ග්‍රෑම් 122 ක් ලබා ගැනීමට ඔවුන්ට අවසානයේ හැකි විය - එය ගගනගාමියෙකුට පැය තුනක් පමණ සහාය විය හැකි බව විද්‍යාඥයින් මත පළ කර ඇත.



ගගනගාමියෙකුට විනාඩි 10කට ග්‍රෑම් 5ක් පමණ ප්‍රමාණවත් වන අතර, මහා පරිමාණයෙන් නිෂ්පාදනය මිනිස් ජීවිතයට සහය වීමට සහ අනාගත ගවේෂණ වලදී රොකට් ඉන්ධන සැපයිය හැකි බවට බලාපොරොත්තුවක් ලබා දෙයි.

MOXIE නම් උපකරණය 2021 අප්‍රේල් මාසයේ පළමු උත්සාහයේ සිට අවස්ථා 16කදී ඔක්සිජන් නිපදවූ අතර එහි ප්‍රතිඵලය නාසා ආයතනයේ මුල් ඉලක්ක ඉක්මවා ගොස් ඇති බව නියෝජ්‍ය පරිපාලක Pam Melroy පවසයි.

Perseverance rover හි මූලික අරමුණ වන්නේ පැරණි ක්ෂුද්‍රජීවී ජීව සලකුණු සෙවීමයි, නමුත් MOXIE අවධානය යොමු කළේ අනාගත මානව ගවේෂණ සඳහා තොරතුරු  විමර්ශනය කිරීමටයි.
(Sky News වාර්තාවක් ඇසුරිනි)