
කුරුණෑගල ගනේවත්ත ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ දරුවන් පිරිසක් කැසීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් හදිසියේ රෝහල්ගත කර තිබෙන අතර
පාසලේ ඉගෙනුම ලබමින් සිටි ළමුන් 15 කගේ පමණ ශරීරය කැසීමේ රෝගී තත්ත්වය පවතින නිසා මේ ගැන ප්‍රා දේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
අසනීපවූ සිසුන්ට ගනේවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇති අතරවාරයේ සිද්ධිය නිසා එම පාසල අද (20) දිනයේ තාවකාලිකව වසා දමා තිබෙන බවද වාර්තා විය.
පළමු ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා දරුවන් 250 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන කුරුණෑගල පාසලේ
මේ වන විටත් ළමුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
ගනේවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ පාසලේ සියලුම පන්ති කාමර විෂබීජනාශක යොදා පිරිසිදු කිරීමට පියවර ගෙන ඇති අතර පාසල සාමාන්‍යයෙන් දින 03ක් පමණ වසා දැමීමට සිදුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දන්වා තිබේ.
රෝගී තත්ත්වය කෙලෙස පැමිණියේද එහි පැතිරීමක් සිදුවේද යන තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.