The-pilot-was-killed-in-a-plane-crash-during-the-gender-reveal-party-in-Mexico

මෙක්සිකෝවේ ලැබෙන්න සිටින දරුවෙකුගේ ලිංගිකත්වය හෙළි කිරීමේ සාදයක් අතරතුර ගුවන් යානයක් කඩා වැටීමෙන් ගුවන් නියමුවා මිය යාමේ සිදුවීමක් වාර්තාවේ.
ඉරිදා මෙක්සිකෝවේ පැවති මෙම සාදයෙහි කොටසක් ලෙස ගුවන් යානයකින් මල් ඉස සුබපතන්නට යොදා තිබූ අතර පියාසර කරමින් සිටි ගුවන් යානය කඩා වැටීමෙන් ගුවන් නියමුවෙකු මිය ගොස් තිබේ.



අන්තර්ජාලයේ පළ කර ඇති වීඩියෝවේ දැක්වෙන්නේ රෝස සහ නිල් බැලූන් වලින් වට වූ “අනේ බබා” යනුවෙන් සඳහන් පුවරුවක් ඉදිරිපිට රැඳී සිටින යුවළක් මතින් ගුවන් යානය පියාසර කරන විට රෝස පැහැති දුමාරයක් නිකුත් කරන අයුරුය.

යානයේ වම් තටුව පහතින් සිටින පිරිසෙන් ඉවතට පියාසර කරන විට බඳ කොටසෙන් වෙන් වී යන අයුරු එහි සටහන් වෙයි
අනතුරෙන් පසු ගුවන් නියමුවා රෝහලේදී මිය ගොස් ඇත.
බලධාරීන් ගුවන් නියමුවාගේ නම හෙළි නොකළ අතර, අනතුරට හේතුව පැහැදිලි නැත. වීඩියෝව පහතින්