
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් මෙන්ම පක්ෂයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර තිබේ.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඊයේ (05) රාත්‍රියේ ඉවත් කිරීමට අදාළ ලිපිය තමාට ලැබුණු බවය. ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බව හා ඉදිරි දින 14 ඇතුළත විනය කඩකිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය එවීමට කටයුතු කරන බව පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියේ සඳහන්ය.
වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත්කිරීමට නියමිතය.
පසුගිය කාලයේ පක්ෂය විවේචනය කරමින් දයාසිරි ජයසේකර කටයුතු කළ අතර මාධ්‍ය කළ විමසීම් වලදී මෛත්‍රිපාල සභාපතිවරයා කියා සිටියේ කිසිදු භේදයක් නැති බවය.

Comments
Post a Comment
Your comment will be visible after approval