
විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණද තබ්බෝව ඇතුළු ප්‍රදේශ රැසකට තවමත් නිසි වර්ෂාපතනයක් නොලැබීමත් සමඟ තබ්බෝව අභයභුමියේ කුඩා වැව් වෙත බවුසර් මඟින් ජලය දැමීමට වනජීවී නිලධාරීන් ඊයේ (01) සිට ආරම්භ කර ඇත.
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් බවුසර් රථ යොදා ගනිමින් තබ්බෝව අභයභුමියේ පිහිටි කුඩා වැව් වෙත වන සතුන්ගේ පරිහරණය සඳහා මෙසේ ජලය දැමීමට වනජීවී නිලධාරීන් කටයුතු කිරීම ආරම්භ කර ඇත. මාස හතරකට අධික කාලයක් පවතින දැඩි නියං තත්ත්වය පහව යමින් දිවයින පුරා විවිධ ප්‍රදේශවලට වැසි ලැබුණද පුත්තලම දිස්ත්‍රික්කයට තවමත් නිසි වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් මේ වන විට නියඟය නිමා වී නැත. ඒ හේතුවෙන් තබ්බෝව වන උද්‍යානයේ වන සතුන්ට බීමට ජලය සොයා ගැනීමේ බරපතළ ගැටලුවට මුහුණ දී තිබීමත් සමඟ කරුවලගස්වැව හා වනාතවිල්ලුව වනජීවී නිලධාරීන් එක් වී කුඩා වැව් වෙත ජලය දැමිම ආරම්භ කළ බව කරුවලගස්වැව අඩවි ආරක්ෂක ඩී. රාමසිංහ මහතා පවසයි.
හිරාන් ප්‍රියංකර ජයසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval