
සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය 6, 7 සහ 8 දින තුනේදීත්, යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 8 වැනිදා පස්වරු 5.30ටත් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (1) තීරණය කර ඇත.
යෝජනාව සමඟි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාර දී ඇත. ඒ අනුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කර ඇති අතර එම විවාදය ලබන පාර්ලිමේන්තු සතියේ පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කර තිබේ.
ඖෂධ හිඟය, ඇතැම් ඖෂධ භාවිත කිරීමෙන් පසු රෝගීන් මිය යෑම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පදනම් කරගනිමින් විපක්ෂය සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇත. විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන ලබන පාර්ලිමේන්තු සතියේ ආණ්ඩු පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටින ලෙස ආණ්ඩු පාර්ශ්වය විසින් දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුව ලබන 5 දා සිට 8 දා දක්වා පැවැත්වීමටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval