Controversy-in-India-due-to-the-presence-of-Muslim-player-Mohammad-Siraj-behind-the-victory

අද දින ඉන්දීය ක්‍රිකට් කන්ඩායම ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීම පසුපස සිටි ප්‍රබලතම චරිතය වූයේ මොහොමඩ් සිරාජ් පන්දු යවන්නාය. කඩුළු 6 ක් ලකුණු 21 කට ලබාගත් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම ‘නැති කර‘ දැමූ අතර ඔහු නිසාම තරගයකින් තොරව වාගේ ඉන්දියාව සිය ජයග්‍රහණය සනිටුහන් කරගත්තේය.
මොහොමඩ් සිරාජ් හින්දුන් බහුල ඉන්දීය කණ්ඩායමේ ‘මුස්ලිම්‘ ජාතිකයෙක් වීම වාද විවාදයට තුඩුදී තිබේ. ඔහුට කණ්ඩායමේ හොඳ ස්ථානයක් ලබාදීම ගැනද මින් ඉහත විවාද පැවති අතර සමාජ මාධ්‍ය තුළ ඔහුව හෙළා දකිමින් ඔහුගේ ස්ථානය වෙනකෙකුට පවරන්නට ඇතැම් ක්‍රිකට් ප්‍රවීණයින්ද මින් ඉහත අදහස් දක්වා තිබී ඇත.
කෙසේ වෙතත් කෝලි ඔහු කෙරේ විශ්වාසය තැබීම නිසා ඔහුගේ දක්ෂතාවන්ට තැනක් ලැබිණි.


අද දින ඔහුගේ දක්ෂතා මෙන්ම ඔහු පිටියේ අය වෙනුවෙන් ත්‍යාග මුදල කැප කිරීම බොහෝ දෙනෙකු ඉහලින් අගය කර තිබුනි.
අද දින ජයග්‍රහණයෙන් අනතුරුව එක්ස්(ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ ඉන්දීය පාඨකයින් ඇතැමෙකු ප්‍රශ්න කර තිබුනේ ඔබ සිරාජ් ගැන උදම් අනද්දී ඉන්දියාවේ මුස්ලිම් විරෝධී කැරලි තිබෙනවා නොවේද යනුවෙනි.
ඉන්දියාවේ හින්දු ජනගහණය සියයට 79 කි. මුස්ලිම් ජනගහණය සියයට 14 කි.
මෙම සංවාදයේදී විවිධ අය පිළිතුරු ලබාදී තිබුණි. එම පිලිතුරු එකතුවක් මේ සමග පළවේ.(හින්දි කොටස් සිංහලට හරවා ඇත)