
බොලිවුඩයේ ජනප්‍රිය නිළි පරිනීති චොප්රා Parineeti Chopra පසුගිය ඉරිදා විවාහ දිවියට පිවිසියාය.
ඇගේ මනාලයා ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන රාඝව් චාඩාය. පරිනීති සහ රාගව් සැප්තැම්බර් 24 ඉරිදා උදයිපූර්හිදී විවාහ විය. ඔවුන්ගේ ආරාධිත ලැයිස්තුවේ ප්‍රමුඛ නම් කිහිපයක් වූ බවත් ඉන්දීය ටෙනිස් තරුව සානියා මිර්සා, ක්‍රිකට් ක්‍රීඩක හර්බජන් සිං සහ බිරිඳ ගීතා බස්රා, දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් , පන්ජාබ් මහ ඇමති භගවන්ත මන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජේ සිං, යුවසේනා සභාපති ආදිත්‍ය තැකරේ ඇතුළු අය එහි වූහ . පරිනීතිගේ ඥාති සොහොයුරිය වන ප්‍රියංකා චොප්රාට සහ ඇගේ සැමියා වන නික් ජෝනාස්ට විවාහ මංගල්‍යයට සහභාගී වීමට නොහැකි වූ නමුත් ප්‍රියංකාගේ මව මධු සහ සොහොයුරා වන සිද්ධාර්ත් ප්‍රසිද්ධ විලාසිතා නිර්මාණකරුවෙකු වන මනීෂ් මල්හෝත්‍රා ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.
පරිනීති විවාහ වූ දේශපාලනඥ පෙම්වතා සමග පැවති ආදර කතාව බොලිවුඩයේ නමගිය එකකි. පන්ජාබ් ආසනය නියෝජනය කරමින් ඉන්දීය පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රී ධූරය හොබවන රාඝව් චාඩා ආම් අදාමි පක්ෂය නියෝජනය කරන්නෙකි. ඥාති සොයුරිය ප්‍රියංකාගේ මෙන්ම පරිනීතිගේ විවාහය බොලිවුඩය තුළ සුවිශේෂ කථාබහක් ඇති කර තිබේ.
විවාහ දිනයේ ලබාගත් ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.



Comments
Post a Comment
Your comment will be visible after approval