
බැංකු ශාඛාවක මුදල් හුවමාරු යන්ත්‍රයකින් බිල්පතක් ගෙවීමට අදාළ මුදලට වඩා වැඩි වටිනාකමකින් යුත් මුදල් නෝට්ටුවක් යන්ත්‍රයට ලබාදී, එහි ඉතිරි මුදල යන්ත්‍රයෙන් එළියට දෙනතුරු බලාසිටි තරුණියක පසුගියදා බස්නාහිර පළාතේ බැංකු ශාඛාවක ඒ.ටී.එම්. යන්ත්‍රය අසලදී දැක ගැනීමට හැකිවිය.
සිද්ධිය සැකවින් මෙසේය. හතිහලමින් දුවගෙන ආ තරුණියක් බැංකුවේ මුදල් හුවමාරු යන්ත්‍රය වෙත ගොස් යම් ආයතනයකින් ඇයට ලැබුණු බිල්පතක් බලා මුදල් හුවමාරු යන්ත්‍රය බොත්තම් ක්‍රියාත්මක කර මුදල් නෝට්ටුවක් ඇතුල් කළාය. අදාළ කටයුතු සියල්ල නිම කිරීමෙන් පසු තරුණියට යන්ත්‍රය මගින් ඊසිට් පතක් ද නිකුත් කෙරිණි.
එය අතට ගත් තරුණිය යන්ත්‍රය අසලින් ඉවත් නොවී යන්ත්‍රය දෙස බලා සිට් හෙයින්, පෝලිමේ ඊළඟ අවස්ථාව හිමි තරුණයා ඇයගෙන් ඇයිදැයි විමසීය. මම අහවල් ආයතනයට රුපියල් 1200ක බිලක් ගෙවන්න මගේ ගාව මාරු නැති නිසා රුපියල් 5000ක මුදල් නෝට්ටුවක් යන්ත්‍රයට ඇතුල් කළා, එහි ඉතුරු සල්ලි ලැබෙනකම් බලා ඉන්නේ. තාම ලැබුණෙ නැහැනෙ." යි කීවාය.
තරුණයාට කාරණය පැහැදිලි විය. "ඉතුරු මුදල් මේකෙන් ගන්න" බැහැ. බැංකුව ඇතුළට ගිහින් ඉල්ල ගන්න යැයි තරුණියට කීය. ඒ අනුව තරුණිය බැංකු ශාඛාව තුළට පිවිසෙන්නට ගියත් එදින බැංකු ශාඛාවේ නිවාඩු දිනයක් බැවින් ආරක්ෂක නිලධාරියාට කාරණය පවසා ඔහුගෙන් ඉතිරි මුදල ලබා දෙන ලෙස ඉල්ලීමක් කළාය.
ආරක්ෂක නිලධාරියා තරුණියට කීවේ, එහෙම ඉතිරි මුදල් දැන් මෙහෙන් ගන්න බැහැ. ඔබ ගෙව් ඒ බිල්පතට අදාල ආයතනයට ගිහින් ඒ අයට කාරණය කියා, එතනින් විමසීමක් කරණ ලෙස දැන්වීය.
ලජ්ජාවට පත්වූ තරුණිය බිම බලාගෙන බැංකු කාර්යාලයෙන් ඉවත්ව යනු දක්නට ලැබීණි.
(බුලත්සිංහල ලක්මි කුඩලිගම)
Comments
Post a Comment
Your comment will be visible after approval