
මඩකළපුව, වාකරේ පොලිසියේ කොස්තාපල්වරයකුට ගඩොලකින් පහර දී තුවාල කළේ යැයි කියන එම පොලිසියේම කොස්තාපල් රියැදුරකු වාකරේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. ගඩොල් ප්‍රහාරයෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා වාකරේ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඔහුගේ වැඩ තහනම් කිරීමට කටයුතු යොදාගෙන යන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වාකරේ පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval