
රිජ්වේ ආර්යා ළමා රෝහල සතුව ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් පවතින බවත්, දරුවන්ට ඉන්සියුලින් ලබා දීමට අවශ්‍ය නම් කිසිදු පැකිලීමකින් තොරව රෝහලට පැමිණෙන ලෙසත් එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඉල්ලා සිටී.
ඔහු පෙන්වා දුන්නේ රෝහල තුළ ඉන්සියුලින් නොමැති බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය වන බවයි.
ඒ අනුව සායනවලට පැමිණෙන දරුවන්ට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් ලබාදීමේ හැකියාව පවතින බව පැවසූ අධ්‍යක්ෂවරයා, දරුවන්ට ඉන්සියුලින් ලබා දීම සඳහා යම් රෝහලකට ඉන්සියුලින් අවශ්‍යතාවක් පවතී නම් එය ලබා දීමේ හැකියාව ද ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
-නිදර්ශන චික්‍රමසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval