ranil-sajith-rohini

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ මොහොතේ එකට එක්ව ගමනක් යා යුතු බව මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න මහත්මිය පවසයි.

මෙය සියලු පක්ෂ නායකයන් ජාතික වැඩපිළිවෙළක් සඳහා එකතු විය යුතු මොහොතක් බව ද ඇය ප්‍රකාශ කළා ය.



මහනුවරදී ඊයේ (අගෝ. 15) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරිය මේ බව කීවා ය.

මේ මොහොතේ රනිල් – සජිත් එක්ව ගමනක් යා යුතු බවට ජනතාව වෙතින් යෝජනා ඉදිරිපත් වන බව ත් එම යෝජනා සාධාරණ බව තමන්ද අනුමත කරන බව ත් කවිරත්න මහත්මිය පැවසුවා ය.

එජාපය හා සමගි ජන බලවේගය එකතු වීමට වඩා සියලු පක්ෂ පොදු වැඩපිළිවෙළකට එකතු වී රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීම වැදගත් බව ද ඇය ප්‍රකාශ කළා ය.

රනිල් ගත්තත් සජිත් ගත්තත් දෙදෙනා තුළ ම හොඳ නරක තිබෙන බව ත් එලෙසින් ම සෙසු පක්ෂ නායකයන් තුළ ද එම ලක්ෂණය දැකිය හැකි බවත් කී මන්ත්‍රීවරිය ජාති, ආගම් හා පක්ෂ ලෙස බෙදී වෙන් නොවී ඉදිරි වසර 25ක් සඳහා හෝ රට ඉදිරියට ගෙන යෑමේ ජාතික සැලසුමක් රටට අවශ්‍ය යැයි ද අවධාරණය කළා ය.