
රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලේ පරිශ්‍ර භූමියේ පිහිටි පිහිණුම් තටාකයේ දිය නෑමට ගිය එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙයි.
ඊයේ (27) සවස 5.00 ට පමණ එම පීඨයේම අධ්‍යාපනය ලබන තවත් සිසුන් පස් දෙනෙක් සමග ඔහු දිය නෑමට ගොස් තිබෙන බව පොලීසිය පවසයි.
එම අවස්ථාවේ එම සිසුවා පිහිණුම් තටාකයේ ගැඹුරුම ස්ථානයෙන් දියට බැසීමට උත්සාහ කළ අවස්ථාවේ මෙසේ දියේ ගිලී ඇති බව මිහින්තලේ පොලීසිය සිදු කළ විමර්ශන වලදී අනාවරණය වී තිබෙයි.
මෙසේ මියගොස් තිබෙන්නේ මඩකලපුව කොකුවිල් ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි මුරුගදාස් තිලක්ෂණ නැමැති සිසුවෙකි.
ඔහුගේ මෘත දේහය මිහින්තලේ ප්‍රාදේශීය රෝහලට රැගෙන යාමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත යොමු කොර තිබෙයි.
Comments
Post a Comment
Your comment will be visible after approval