
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ බිරිය ලිමිණි සිය දෙවන දරු උපත සඳහා සූදානමින් සිටින බව හෝ දරුවා ලැබුණ බව කියමින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළවිය. ‘තුනක් වූ අපේ පවුලට හතරවෙනියකු එන්න ළඟයි‘ යනුවෙන් සටහනක් තබමින් මීට දින තුනකට පමණ පෙර නාමල් සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පළ කළ ඡායාරූප දෙක මෙයට හේතු විය. කෙසේ වෙතත් මෙම ආරංචිය විකෘති කරමින් ඇතැමුන් දෙවැනි දරුවා ලැබුණ බවත් ඒ පුතෙකු බවත් කියමින් වෙනත් ඡායාරූපද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් නාමල්ට උපහාස සුබපැතුම් එක්කර තිබුණි.
ඊයේ පැවති දේශපාලන රැස්වීමකදී මේ ගැන නාමල් කථා කරමින් කියා සිටියේ මෙසේය.
‘පළවෙනි බබා හම්බවෙලා වයිෆ්ගෙ අතින් අල්ලගෙන ඉන්න මගේ ඡායාරූපයක් මේ දවස්වල සමාජ මාධ්‍ය වල පළවෙලා. තාම දෙවැනි බබා හම්බවෙලත් නෑ. නැන්දම්මා මේක දැකල මාමට කියල තියනව කවුද මන්දා ගෑනු කෙනෙක් එක්ක නාමල් බබෙක් වඩං ඉන්නව කියල. බලන්න සමාජ මාධ්‍ය තොරතුරු විකෘති කරන විදිහ..“
පහත පළවන්නේ නාමල් පළකළ ඉඟි පෝස්ටුව හා සමාජ මාධ්‍ය තුළ පළවූ විකෘති පෝස්ටුවයි




Comments
Post a Comment
Your comment will be visible after approval