
උපකාරක පන්තියක දුම්රිය මාර්ගය දිගේ පයින් ගමන් කරමින් සිටි පාසල් සිසුවකුගේ ගෙල කැපූ නාදුනන පුද්ගලයකු සිසුවාගේ අතේ තිබූ බෑගය 6 වනදා දහවල් උදුරාගෙන ගොස් එහි තිබූ ජංගම දුරකථනය රැගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය කියයි. මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවකු බව පොලිසිය සඳහන් කරයි. මීරිගම බස් නැවතුම්පොළට පැමිණි මේ සිසුවා තවත් සිසුවකු සමග දුම්රිය මාර්ගය දිගේ විල්වත්ත දෙසට පයින් ගමන් කරමින් සිය දී මෙම සිද්ධියට මුහුණපා ඇත.
සිසුන් දෙදෙනා දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අකුලක සිට පැමිණි පුද්ගලයකු සිසුවාගේ බෙල්ලට පිහිය තබා බෑගය උදුරාගත් අවස්ථාවේ ගෙල කැපෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි. උදුරාගෙන ගිය බෑගය ලඳු කැලෑවක දමා ගොස් තිබිය දී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි. සිසුවාගේ පොත් සහ වතුර බෝතලය ද රුපියල් දහසක මුදලක් ද එහි තිබී හමුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි. බෑගය පැහැරගත් පුද්ගලයා එහි තිබූ දුරකතනය පැහැරගෙන යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. මීරිගම ආදාහනාගාරයට නුදුරු ස්ථානයක සෝදන ලද ටී ෂර්ට් එකක් සහ පිහියක් තිබී හමුවී ඇති අතර සැකකරු ඒවා දමා ගොස් ඇතැයි පොලිසිය සැකකරයි. තුවාල ලැබූ සිසුවා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරුකර ඇත.
පුෂ්පකුමාර මල්ලවආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval