
රඹුක්කන පත්තම්පිටිය ප්‍රදේශයේ නිවෙසක මවුපියන් දෙදෙනා සිය දියණියන් දෙදෙනාටද වස පොවා ඔවුන් දෙදෙනා ද වස පානය කිරීම හේතුවෙන් මාවනැල්ල මූලික රෝහලට ඊයේ (14) ඇතුළත් කර ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
මෙසේ රෝහල් ගත කරනු ලැබ ඇත්තේ පත්තම්පිටිය කෙම්පිටි කන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක් වයසැති පියා, අවුරුදු 27ක් වයසැති මව, ඔවුන් දෙදෙනාගේ වයස අවුරුදු 4 යි මාස 10ක් වන වැඩිමහල් දියණිය හා මාස 10ක් වයසැති දියණිය බව පොලිසිය සඳහන් කරයි.
මව සහ පියා අතර කාලයක සිට පවුල් ආරවුල් පැවැති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මවුපිය දෙදෙනා දියණියන් දෙදෙනාට ද වස පොවා ඔවුන් දෙදෙනා ද වසපානය කර නිවසේ වැටී කෑ ගසමින් සිට ඇති බවත්, පසුව අසල්වැසියන් පිරිසක් කෑ ගසන ශබ්දය ඇසී නිවසට දිව ගොස් ඇති ඔවුන් සිවුදෙනා ත්‍රීරෝද රථ දෙකකින් මාවනැල්ල රෝහලට රැගෙන ගොස් ඇත.
දරු දෙදෙනාගේ තත්වය බරපතළ නොවන බව රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
මවුපිය යුවළගේ තත්වය තරමක් දුරට යහපත් බවත්, එම ප්‍රකාශකයා පැවසීය.
කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි.එල්. ලීලවංශ, පොලිස් අධිකාරි චන්දන කන්දේවත්ත, රඹුක්කන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේෂ් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මේ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වේ.
කෑගල්ල චමින්ද වැවතැන්න මාවනැල්ල පී. ශාන්ත බණ්ඩාර
Comments
Post a Comment
Your comment will be visible after approval