
ඉරානය තුළ පවතින අධික උණුසුම හේතුවෙන් 02දා සහ 03දා දෙදින රජයේ නිවාඩු දින දෙකක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ. මෙහිදී විශේෂයෙන්ම අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන
වැඩිහිටියන් හැකි සෑමවිටම නිවෙස්වලටම වී සිටින ලෙසද රජය දැනුම් දී ඇත. ඊයේ දිනය වනවිටත් ඉරානයේ දකුණුදිග අහ්වාස් නගරයද ඇතුළු ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 51ක් ඉක්මවා තිබේ. මේ අතර මෙම දින දෙකේදී එරට රෝහල්ද ඉහළ සූදානමින් පවත්වාගෙන යාමටද කටයුතු කරන බව බලධාරීන් පවසා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval