
නව ලංකා නිදහස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට ඊයේ (03) දහවල් පහරදීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුව ඇති අතර පහරදී ඇත්තේ විශ්‍රාමික විදුහල්පතිවරයකු විසින් බවයි මතුගම පොලීසිය පවසන්නේ.
ඊයේ දහවල් 2.00 ට පමණ මතුගම – අලුත්ගම ප්‍රධාන මාර්ගය අසල එළවලු වෙළඳසලක් තුළ සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අදාළ විශ්‍රාමික විදුහල්පතිවරයා විසින් මන්ත්‍රීවරයාට පහරදී ඇති බව සඳහන්.
පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරයා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර පොලිසිය විසින් සැකකාර විශ්‍රාමික විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval