
කැනඩාවේ රැකියාවකට ගොස් යළි යාපනයට පැමිණි තරුණයකුට මත්ද්‍රව්‍ය පානය කිරීමට මව මුදල් ලබා නොදීම හේතුවෙන් ඔහු නිවෙස අසල ගසක එල්ලී පෙරේදා (24) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ වට්ටු කෝටිටෙයි පොලිස් වසමට අයත් කුණ පන්නාගම් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි අරුලානන්දම් ලක්ෂාන් නැමැති තරුණයෙකි. ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවට ඔහුගේ මාමා කෙනෙකුට ලැබුණු තොරතුරක් මත පවුලේ උදවිය එකතු වි රුපියල් ලක්ෂ හැටක මුදලක් එකතු කොට ඔහුව කැනඩාවේ රැකියාවක් සඳහා පිටත් කොට යවා තිබිණි.
එසේ සිටියදී එහි සේවය කිරීමට නොහැකි බව කියමින් සති දෙකකට පසුව මෙම තරුණයා යළි යාපනයට පැමිණ නිවෙසේ භාණ්ඩ හා වතුර මෝටරය වරින් වර පෙලබි කොට එම මුදල් වලින් මත්ද්‍රව්‍ය පානය කොට ඇති බව ඔහුගේ මව වඩුකෝඩෙයි. පොලිසියට පවසා ඇත. සිද්ධිය වූ දිනයේදී මත්ද්‍රව්‍ය ලබා ගැනීමට මුදල් ඉල්ලා තමන්ට කරදර කළ බවත්, මුදල් නොමැති බව කීමෙන් පසුව මෙම කරුණයා ලණුවකින් එල්ලී මිය ගොස් ඇති බවත්, මව පොලිසියට වැඩිදුරටත් පවසා තිබේ.
රසුල දිල්හාර ගමගේ
Comments
Post a Comment
Your comment will be visible after approval