
වව්නියාව නෙළුකුලම් භාරතීපුරම් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටී දෙහැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ (25) සවස එම දැරිය ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී ටික වේලාවකින් පෙනෙන්නට නොතිබූ නිසා අතුරුදන් වූ දැරිය සොයා මවුපියන් සොයා බලා තිබූ අතර අසල ජල ටැංකියට වැටී ඇති බව සොයා ගෙන ඇත.
වහා දැරිය බේරාගෙන වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ඒ වන විටත් රෝහලේදී මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.
තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවට මුලික විමර්ශනවල දී තහවුරු වී ඇත. මෙම ජල ටැංකිය නිවසේ අය නාන්නට භාවිත කරන්නකි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ නෙළුකුලම් ප්‍රදේශයේ පදිංචි ලිංගරයා දිවිකා නමැති දෙහැවිරිදි දැරියකි. සිද්ධිය සම්බන්ධයෙන් නෙළුකුලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාරදී තිබෙයි.

Comments
Post a Comment
Your comment will be visible after approval