
බෝම්බ තර්ජනයක් හේතුවෙන් අයිෆල් කුළුණ සෙනසුරාදා දින (12) පැය කිහිපයක් හිස් කරන ලදී.
බලධාරීන් තර්ජනය ඇතැයි සැලකූ කුළුණේ තට්ටු තුනක් මෙන්ම මළුවද ඉවත් කර ඇති බව BFMTV වාර්තා කළේය.
විශාල ආරක්ෂක විධිවිදාන යොදා තිබූ එහි වාහන ගමනාගමනයද නවතා තිබුණි, බිම්බෝම්බ ඉවත් කරන්නන් කණ්ඩායමක් ද එම ස්ථානයට පැමණ තිබුණි.
"මෙවැනි තත්වයකදී එය සාමාන්‍ය ක්‍රියා පටිපාටියකි, කෙසේ වෙතත් එය කලාතුරකින් සිදුවෙන දෙයකි,"යැයි අයිෆල් කුළුණේ මෙහෙයුම් සමාගම වන SETE හි ප්‍රකාශකයෙකු පැවසුවේය.
BFMTV ට අනුව එය දැන් නැවතත් මහජනතාව සඳහා විවෘත කර ඇත.
කුළුණ නැරඹීමට පැරිස් සංචාරක ආකර්ෂණය වාර්ෂිකව මිලියන හතකට ආසන්න බව වාර්ථා පෙන්වා දෙයි.
ස්මාරකයට දකුණු කණුව පාමුල පොලිස් ස්ථානයක් ඇත, එහි පරිශ්‍රය වීඩියෝ නිරීක්ෂණ යටතේ පවතී, සහ අමුත්තන්ට ඇතුළුවීමට පෙර ආරක්ෂක පරීක්ෂාවන්ට ලක්විය යුතුය.
2019 වර්ෂයේදීද මෙවැනි සිදුවීමක් සිදුවිය.
Comments
Post a Comment
Your comment will be visible after approval