
14 හැවිරිදි සිය දියණියට අපයෝජනය කළ බව කියන සැකකාර පියෙකු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (31දා) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, පාදුක්ක වටරැක ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි අයෙකි.
නිට්ටඹුව ප්‍රදේශයේ කුලී නිවසකදී 14 හැවිරිදි සිය දියණියට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධව නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
නිට්ටඹුව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා වසුන්දරා ගුණරත්ත මහත්මිය කරුණු දක්වමින් සැකකරුගේ දාහතර හැවිරිදි දියණියට මීට පෙර සැකකරුගේ මිතුරෙකු විසින් ලිංගික අතවර කිරීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදී සැකකරුත් ඇයට ලිංගික අතවර කර ඇති බවට හෙළිවූ බව පවසා සිටියාය.
වාරණ - ආනන්ද ඉ ජයකොඩි.
Comments
Post a Comment
Your comment will be visible after approval