At-least-27-die-in-inferno-at-petrol-station-in-Dagestan-southern-Russia

දකුණු රුසියාවේ ඩැගෙස්තාන් ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදුවූ පිපිරීමකින් සහ ගින්නකින් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි.



කැස්පියන් මුහුදේ වෙරළ තීරයේ පිහිටා ඇති ප්‍රාදේශීය අගනුවර වන Makhachkala හි පිපිරීම සිදුවී ඇත්තේ දේශීය වේලාවෙන් 21:40 ට (GMT 18:40).
සිද්ධියෙන් තවත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර, එයට හේතුව තවමත් පැහැදිලි නැත.



රාත්‍රී අහසේ විශාල ගින්නක් දැල්වෙන ආකාරය සහ එම ස්ථානයේ ගිනි නිවන රථ ගණනාවක් තිබෙනා ආකාරය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ රූප රාමු හරහා සංසරණය වේ.

හදිසි සේවකයින් 260 ක් පමණ යොදවා ඇති අතර බරපතල තුවාල ලැබූවන් මොස්කව් වෙත රැගෙන යාම සඳහා ගුවන් යානයක් ද යොදවා ඇති බව අමාත්‍යාංශය පවසයි.

රුසියාවේ ඉන්ටර්ෆැක්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වෛද්‍යවරුන් උපුටා දක්වමින් කියා සිටියේ මියගිය අය අතර ළමුන් තිදෙනෙකු සිටින බවයි.

ගින්න වර්ග මීටර් 600 (වර්ග අඩි 6,460) ක ප්‍රදේශයක් පුරා පැතිර ගොස් ඇති අතර තවදුරටත් පිපිරීම් ඇතිවීමේ අවදානමක් පවතින බව එහි වැඩිදුරටත් සඳහන් වේ.


රුසියානු පුවත්පතක් වන Izvestia විසින් උපුටා දක්වන ලද නම සඳහන් නොකළ සාක්ෂිකරුවෙක් පැවසුවේ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට මෝටර් රථ බිම් කොටසක ගින්න හටගෙන ඇති බවයි.

"පිපිරීමෙන් පසු සියල්ල අපගේ හිස මතට වැටුණා. අපට තවදුරටත් කිසිවක් දැකගත නොහැකි වූවයැයි," සාක්ෂිකරුවන් පවසා ඇත.

ඩැගෙස්තාන් ජනරජය රුසියානු සමූහාණ්ඩුවේ කොටස් 83 න් එකක් වන අතර එය රටේ දකුණු කෙළවර වේ. Makhachkala මොස්කව් සිට කිලෝමීටර් 1,600 (සැතපුම් 1,000) පමණ දුරින් පිහිටා ඇත.