
හදුනා නොගත් උණ රෝගී තත්වයකට ගොදුරු වීමෙන් තම එකම පුතා 06දා අලුයම මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව , එම්.එන්.ඉස්තිකාර් මහතා පැවසීය.ඔහු මෙසේද කීය.
"මගේ පුතාගෙ වයස අවුරුදු 13යි. එයා අබ්දුල් අසීස්. එයා මීගමුව අල් - හිල්ලාල් ජාතික පාසලේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවා. මීට දින දෙකකට පමණ පෙර ඔලුවෙ කැක්කුමක් එක්ක උණ රෝගී තත්වයක් ඇති වුණා. උණ වරින් වර අඩු වුණා වැඩි වුණා. පස්සෙ 05වැනිදා රාත්‍රී මගේ පුතා තද නින්දකට වැටුණා. එදින රාත්‍රී 10.30ට විතර මීගමුව මහ රෝහලට පුතා ඇතුළත් කළා.
එහිදී පුතා දැඩි සත්කාර ඒකකයට යොමු කළා. ඒකෙ වෛද්‍යවරුන් ලොකු උත්සාහයක් ගත්තා. පුතා රාත්‍රී ගත් ආහාර පවා එළියට ගත්තා. නමුත් පුතාට හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබුණා. 06 වැනිදා අලුයම 12.20ට මගේ පුතා මියගියා.”
මේ වනවිට සිසුවාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මතෘ ශරීරාගාරයේ තබා ඇති අතර මීගමුව රෝහල් පොලීසිය මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරමින් සිටියි.
කටුනායක -ටී.කේ.ජී.කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval