
පානදුර, කෙසෙල්වත්ත වෙළද සැලක් ඉදිරිපිට ත්‍රිරෝද රථ ගාලක මිතුරන් දෙදෙනෙකු අතර ඊයේ (24) සවස ඇතිවූ ගැටුමකින් පසු එක් අයෙකු රෝහල් ගතකිරීමෙන් පසු මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර , කෙසෙල්වත්ත ගාලුපාරේ පදිංචිව සිටී 46 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා අසනීප තත්ත්වයෙන් පසුවන අයෙක් බවත් සදහන් වේ.
පහරදුන් තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව පානදුර උතුර පොලිසිය ප්‍රකාශ කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval