pallegama-sumana

සිය ආවාස ගෙයිහි කාන්තාවන් දෙන්නෙකු තබාගෙන කම් සුව විඳිමින් සිටියදී දායක සභාවේ අයට අතටම හසුවූ හිමි නමක පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක වීඩියෝවක් සංසරණය වෙමින් පවතී.
වාර්තාවන ආකාරයට මෙම සිදුවීම සිදුවන්නේ කඩුවෙල ඉහළ බෝමිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකිනි. පල්ලෙගම සුමන නමැති මෙම හිමි නම එම පන්සලේ විහාරාධිපති බව කියැවේ.
පන්සලට සම්බන්ධ දායක සභාවේ සාමාජික අසල්වාසී ගිහි පිරිසක් මෙම විහාරස්ථානයේ සිදුවන අකටයුතු කම් පිළිබඳ නිරීක්ෂණයෙන් පසුවී කාන්තාවන් සමග යහන්ගතවූ අවස්ථාවක් බලා හිමි නමගේ ආවාස කාමරයට ඇතුළුවී තිබේ.


පිරිස ඇතුළුවන අවස්ථාවේ සිවුර ගලවා සිටි හිමි නම සමග නිරුවතින් හැසිරෙන කාන්තාවන් දෙන්නෙකු සිටිනු වීඩියෝවේ නිරීක්ෂණයවේ.
එක් කාන්තාවක හිමි නමගේ ඇඳ මත සිට තුවායකින් සිය සිරුර වසාගන්නට උත්සාහ කරන අතර අනෙක් කාන්තාව පසෙක තිබෙන පුටුවක වාඩිවී තම ගැලවූ සළුපිලි අඳිමින් සිටින අයුරු නිරීක්ෂණය වේ.
පැමිණි පිරිස පරුෂ වචනයෙන් තිදෙනාටම බැණවදින අතර හිමිනම සිවුරු පොරවාගත් පසු එය ගලවන්නටත් ඇඳුම් වලින් සිරුර සගවාගන්නට උත්සාහ කරන ඇඳ මත සිටි කාන්තාවට පහර දෙන්නටත් උත්සාහ කරන අයුරු නිරීක්ෂණය වේ.
පසෙක අසුන්ගෙන සිටින කාන්තාව ‘මං කිව්ව මේක කරන්න කලින්‘ යනුවෙන් කෑගසමින් සිටින අයුරුද නිරීක්ෂණය විය.
මෙම වීඩියෝව සමාජ මාධ්‍ය වෙත මුදාහරින්නට දායක සභාවේ අය පියවර ගෙන තිබෙන අතර මේ වනවිට යූටියුබ් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක සාකච්ඡාවක් මතු කර තිබේ.