Coco-Lees-death-shocked-Chinese

පොප් ගායක කොකෝ ලීගේ මරණය චීනයේ බොහෝ දෙනෙකු කම්පනයට පත් කර ඇති අතර චීනයේ සමාජ මාධ්‍යවල මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ සාකච්ඡා පවා ඒ නිසා ඇවිලී ගියේය.

සිය දිවි නසා ගැනීමට තැත් කිරීමෙන් අනතුරුව කෝමා තත්ත්වයෙන් පසුවූ ලී පසුව මියගිය බව ඇගේ වැඩිමහල් සොහොයුරියන් වන කැරොල් සහ නැන්සි ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම් තුළ සටහන්කර තිබුණි.
ඇය පසුගිය වසර කිහිපය තුළ මානසික අවපීඩනයෙන් පෙළුණු බවද ඇගේ සහෝදරියන් හෙළිකර තිබුණි.

චීනයේ හොංකොං හි උපත ලද ඇමරිකානු ගායිකාවක් වූ ඇගේ ගායන හැකියාව සහ වේදිකාවේදි පෑ ආලෝකමත් සිනහව නිසා ඇය හැමදාම රසිකයන්ට ආකර්ෂණයක් ඇතිකර තිබුණි.

ඇතැම් රසිකයන් ප්‍රකාශකලේ "මට මෙය විශ්වාස කරන්න බැහැ. ඇය සැමවිටම සිංදු කියන්න, නටන්න සහ සිනහාවීමට ප්‍රියකල කෙල්ලෙක් යනුවෙනි"

"ඇය නැතුව මේ ලෝකේ සතුටින් ඉන්න කෙනෙක් ඉන්නවද?"  තවත් ඇයට කැමති රසිකයෙක් ප්‍රකාශකර තිබුණේය.

එලෙස දුක්සෝසුම් ගලා යද්දී බොහෝ දෙනා අවධානය යොමු කළේ ඇගේ පවුලේ අය සඳහන් කළ මානසික සෞඛ්‍ය ප්‍රශ්නය ගැන ය.



"මානසික අවපීඩනය ඔබට කෙතරම් සමීපද", "මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ" වැනි හැෂ් ටැග් විවිධ සමාජ මාධ්‍ය්‍යවල ප්‍රධාන මාතෘකාව විය, CCTV, People's Daily සහ China Daily වැනි රාජ්‍ය මාධ්‍ය මගින්ද මානසික අවපීඩනය සහ මානසික රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම් කලේය.

ෂැංහයි නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්ය ආචාර්ය ජියා මියාඕ පවසන්නේ, "එකදිගට මානසික සෞඛ්‍ය ගැන මාධ්‍යය කතා කිරීමෙන් මිනිස්සු කලබළ වීමට හැකියි කියාය.


එය චීනය මුහුණ දෙන භයානක තත්වයකි: මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන පුද්ගලයින්ගේ ශීඝ්‍රයෙන් වර්ධනයකට සහ වෛද්‍ය ජාලයක් තවමත් සම්පූර්ණයෙන් මුහුණ දීමට චීනය සූදානම් නැත.

මානසික අවපීඩනය සහ මානසික රෝගයන් පිළිබදව දිගු කලක් තිස්සේ චීන සමාජය තුළ අපකීර්තියක් ගෙන ඇත. මානසික රෝග සඳහා චීන වචනය වන 'ජිංෂෙන් බිං' යනු උමතු පුද්ගලයෙකු සඳහා වන නින්දා සහගත යෙදුමක් වන 'ෂෙන්ජිං බිං' හා සමාන වන අතර මානසික සෞඛ්‍ය ගැටලු ඇති පුද්ගලයින් සැමවිටම ඔවුන්ගේ මනසින් බැහැර කෙනෙකු ලෙස සලකනු ලැබේ.


"මානසික ආතතිය පිළිබද පරීක්ෂණ කරන ජාතික ආයතනයේ වෛද්‍ය මියාඕ" පවසන පරිදි චීනය රෝගීන්ගේ මානසික ආතතිය ගැන එතරම් උනන්දු  නොවන නිසි සියදිවි නසා ගැනීම් වර්ධනයවී ඇති බවයි.

 
"පාසලේ හොඳ ලකුණු නොලැබුණු නිසා ඔහු ගොඩනැගිල්ලෙන් පැන්නා" වැනි දේවල් අපට ඇසෙනු ඇත,"ඒත් අපිට කවදාවත් ඒ අයගෙන් 'මොකද වුණේ' කියලා අහන්න අවස්ථාවක් ලැබුණේ නැහැ, ඔවුන්ට අවශ්‍ය උදව් මොනවද කියලා."

 පසුගිය වසර 10 සිට 15 දක්වා කාලය තුළ, චීනයේ ආර්ථිකය ඉක්මනින් දියුණු වීමත් සමඟ, පුද්ගලයන් මත පීඩනය වැඩි වී ඇත.පාසැලේ සහ සේවා ස්ථානයේ තරඟ වඩාත් දරුණු වී ඇති බැවින් චීන ජාතිකයන් ඒවයින් හෙම්බත්වී ඇති අතර මානසික සෞඛ්‍ය ගැටලු සමාජයේ අවධානයට ලක්ව ඇති බව ෂැංහයි නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මියාඕ පැවසීය.



"වැඩි දෙනෙක් මෙම ගැටළු වලින් පීඩා විඳිමින් සිටින විට, ඔවුන් තම අත්දැකීම් තම පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගැනීමටත්, වෘත්තීය උපකාර ලබා ගැනීමටත් වැඩි කැමැත්තක් දැක්වූ අතර, එමඟින් මෙම මාතෘකාව පිළිබඳ ආකල්පය වෙනස් වී ඇති බව මානසික ආතතිය පිළිබද පරීක්ෂණ කරන ජාතික ආයතනය තවදුරටත් ප්‍රකාශකළේය.

සංඛ්‍යාවලින් පෙන්නුම් කරන්නේ චීනයේ අවපාත ජනගහනය තියුනු ලෙස ඉහළ ගොස් ඇති බවයි. 2019 දී නිකුත් කරන ලද චීන මානසික සෞඛ්‍ය සමීක්ෂණයට අනුව, සෑම චීන වැසියන් හත් දෙනෙකුගෙන් එක් අයෙකු තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් ආකාරයක මානසික රෝගයකින් පීඩා විඳිති.


සාර්ථක යැයි බොහෝ දෙනා දකින අය පවා ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගැනීමට පටන් ගත්හ.

2015 දී ප්‍රකාශයට පත් කරන ලද ලිපියක, තාක්ෂණික දැවැන්තයෙකු වන Huawei හි නිර්මාතෘ Ren Zhengfei හෙළි කළේ ඔහු වරක් දැඩි මානසික අවපීඩනයෙන් හා කාංසාවෙන් පෙළුණු බවයි. තාක්ෂණික සමාගමක් වන Sohu හි නිර්මාතෘ Zhang Chaoyang, මානසික අවපීඩනය පිළිබඳ ඔහුගේ අතීත අත්දැකීම් කිහිප වතාවක් විවෘතව කතාකර තිබේ.

වසංගත සහ චීනයේ අතිශය දැඩි "ශුන්‍ය-කොවිඩ්" ප්‍රතිපත්තිය ද මිනිසුන්ට හානියක් කර ඇත.

"වසංගතය අතරතුර මානසික සෞඛ්‍ය ගැටලු ඇති විය. මිනිසුන්ගේ ආදායම පිළිබඳ කරදර, රැකියාවක් සොයා ගැනීමේ කරදර - මිනිසුන්ගේ කනස්සල්ල සැමවිටම පැවති අතර එය වැඩිවෙමින් පවතින බව," මානසික ආතතිය පිළිබද පරීක්ෂණ කරන ජාතික ආයතනයේ වෛද්‍ය මියාඕ පැවසීය.

මේ වසර මුලදී, හුනාන් පළාතේ සුප්‍රසිද්ධ සංචාරක ආකර්ශනයකදී තරුණයින් හතර දෙනෙකු සියදිවි නසාගැනීමෙන් මිය යාම චීනයේ මානසික සෞඛ්‍යය සහ සමාජ පීඩනය පිළිබඳ දැඩි සාකච්ඡාවක් ඇති කළේය.

“සමාජ දැනුවත්භාවයේ වේගවත් වේගය හා සසඳන විට, මානසික සෞඛ්‍ය රෝග සම්බන්ධයෙන් රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම සඳහා රටට බොහෝ දුර යා හැකි බව,”  මානසික ආතතිය පිළිබද පරීක්ෂණ කරන ජාතික ආයතනයේ වෛද්‍ය මියාඕ වැඩිදුරටත් පැවසුවේය.



(බීබීසී ඇසුරිනි)