
ව්‍යාපාරිකයන් දෙදෙනෙකු රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා (10දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙත ඇත.
නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් විදේශ රටවලින් භාණ්ඩ රැගෙනවිත් අලෙවි කරන කොළඹ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගැනිණ.
මොවුන් දෙදෙනා 10 දින අලුයම 02.20 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට, ඉන්දීය ගුවන් සේවයේ ගුවන්යානයෙන් කටුනායකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මොවුන් විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ මෙම කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 780ක් බරැති ස්වර්ණාභරණ තොගය සඟවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.
මේ වනවිට මෙම පුද්ගලයන් දෙදෙනා සහ ස්වර්ණාභරණ තොගය වැඩිදුරට විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීඇත.
කටුනායක - ටී.කේ.ජී.කපිල
Comments
Post a Comment
Your comment will be visible after approval