
තංගල්ල, නෙටොල්පිටිය, වැලිආර රන්මාලු ගම්මානයේදී ඊයේ (18) පෙරවරුවේ කඩා වැටුණු කොන්ක්‍රීට් කණුවකට යට වී ඒ අසල ඔංචිල්ලා පදිමින් සිටි නව හැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
මියගොස් ඇත්තේ ලෙවින්දි ඉෂාරා දෙව්මිණි නමැති දැරියක බව පොලිසිය කියයි. මියගිය දැරියගේ පියා කොන්ක්‍රීට් කණුවකට ඇණ ගසමින් සිටියදී කණුවේ බැඳ තිබූ මංචිල්ලා පදිමින් සිටි දැරිය මතට එම කණුව කඩා වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි. තුවාල ලැබූ දියණිය සහ පියා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර දැරිය රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. පියාගේ අතකටද තුවාල සිදු වී ඇත. තංගල්ල මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
පද්මසිරි ගාරිදියවසම්
Comments
Post a Comment
Your comment will be visible after approval