
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ප්‍රාන්ත වෙත බලපෑ අධික උණුසුම හේතුවෙන් ආසන්න දින තුනේදී පුද්ගලයෝ 100දෙනෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අතරින් මරණ 54ක් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන්ද,
මරණ 44ක් බිහාර් ප්‍රාන්තයෙන්ද සටහන්ව තිබේ. ආසන්න දින කිහිපයේදී මෙම ප්‍රාන්ත දෙකද ඇතුළුව ඉන්දියාවේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් ඉක්මවා තිබේ. මේ අතර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ අධික උණුසුමින් රෝගී වූ තවත් 400දෙනෙකු පමණ රෝහල්ගත කර ඇතැයිද සදහන්වෙයි.
ඉන්දියාවේ කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථනයට අනුව මෙම උණුසුම් කාලගුණික තත්ත්වය එරට තුළ තවත් දින කිහිපයක්ම පවතිනු ඇතැයි පැවසෙයි. මේ හේතුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත බොහෝමයකම පාසල්ද වසා දැමීමට කටයුතු යොදා තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval