
විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (27) දැනුම් දුන්නේය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා මේ බව දැනුම් දුන්නේ වයස අවුරුදු 60 න් විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය අභියෝගට ලක් කරමින් විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනුකර ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණයේ සලකා බැලූ අවස්ථාවේ දීය.
මෙම පෙත්සම අද (28) දින වැඩිදුරටත් සලකා බැලීමට නියමිතය. මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
විමුක්ති එස්. රුද්‍රිගු
Comments
Post a Comment
Your comment will be visible after approval