
සතුන් දඩයමේ පැමිණි දඩයක්කාරියක් වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමුවරට අත්අඩංගුවට ගැනීම රන්ටැඹේ රක්ෂිතය තුළ දී පසුගියදා (23) සිදු විණි.
වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ රක්ෂිතය තුළ ගොමඩලේ ප්‍රදේශයේ දී සතුන් දඩයම් කිරීමට මෙම දඩයක්කාරිය සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ද පැමිණ ඇත.
මෙම පිරිස ඉසුසු වර්ගයේ ලොරි රථයකින් පැමිණ ඇති අතර බෝර 12 ගිනි අවියක්, විදුලි පන්දම්, මස් කැපීම සඳහා භාවිත කරන පිහි, එස් ජි පතරොම් ඔවුන් සතුව තිබී ඇත. මෙම සැකකරුවන් සහ සැකකාරිය වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට ලක්ෂය බැගින් තිදෙනාට ලක්ෂ 3ක ශරීර ඇප අධිකරණය මඟින් නියම කර තිබේ.
මේ නඩුව නැවත ඔක්තොම්බර් මස 3 වැනිදා කැඳවන ලෙස නියම කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval