
ජුනි මස 15 වැනිදා සිට මේ දක්වා පාසල් සිසුවියන් පස්දෙනකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු ආගිය අතක් නැතැයි පොලිසිය පවසයි. මෙසේ අතුරුදන්ව ඇති පාසල් සිසුවියන් වයස 13ත් 16ත් අතර පසුවන්නියන් බවත්, ඔවුන් ඇහැටුවැව, මාපුටුගල, අම්පාර සහ කුරුඳුවත්ත යන ප්‍රදේශවල
පදිංචිකාරියන් බවත් සඳහන්ය. මෙම පාසල් සිසුවියන්ට අමතරව වරකාපොළ පදිංචි 23 හැවිරිදි ඇඟලුම් සේවිකාවක් ජුනි මස 20 වනදා සිටත්, උහුමීය බුළුගහපිටියේ පදිංචි තරුණයකු ජුනි මස 18 වනදා සිටත් අතුරුදන්ව ඇත.මෙයින් ඉඟිනියාගල පොල්වගා ජනපදයෙන් අතුරුදන්ව ඇති 16 හැවිරිදි සිසුවියන් දෙදෙනා යෙහෙළියන්ය.
ඉඟිනියාගල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.එස්. ජයවීරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඔවුන් කඩිනම් විමර්ශන සිදුකරන බවත්, දැරියන් දෙදෙනා පිළිබඳව මෙතෙක් තොරතුරක් නැති බවත්ය. ඔවුන් මෙතෙක් තම ඥාාතියකුට හෝ දුරකථන ඇමැතුමක් හෝ ලබාදී නැතැයිද සඳහන්ය. මේ අතර පෙරේදා කොළඹ නිදහස් චතුරස්‍රයේ ව්‍යායාම සඳහා පැමිණ සිටියදී අතුරුදන් වූ කුරුඳුවත්තේ සිසුවිය සිය පෙම්වතා සමග ගොස් සිටියදී මීගමුවෙන් සොයාගත් බව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සඳහන් කළේය.
දීපා වසන්ති එදිරිසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval