
පාස්කු ප්‍රහාරය එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ දේශනාවලට සහභාගි වූ නාවල විවෘත විශ්වවිද්‍යාලයේ පරිගණක පාඨමාලාවක් හදාරන සිසුවකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (21 වැනිදා) දන්වා සිටියේය.
අදාළ සැකකරු ගම්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහු 2018 වර්ෂයේදී දින දෙකක් හම්බන්තොටදී පැවැති අන්තවාදී දේශනවලට සහ අවි පුහුණුවට සම්බන්ධ වී ඇති බවටදුරකථන විශ්ලේෂණ වාර්තා අනුව තහවුරු වීම නිසා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙම සැකකරු පාස්කු ඉරු දින ප්‍රහාරයේ පෙර සූදානමක් ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ සහරාන් හෂීම්ගේ දේශනවලට සහ අවි පුහුණුවීම්වලටද සහභාගි වී ඇතැයිද පොලිසිය දන්වා සිටියේය. අදාළ සැකකරු නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරු රිමාන්ඩ් භාරයේ තබන ලෙස අධිකරණය නියම කළේය.
ඉෂාර රත්නකාර
Comments
Post a Comment
Your comment will be visible after approval