
බීමත්ව පැමිණ තම නැන්දම්මාට නිරුවත පෙන්වූ බෑනා කෙනෙකු පෙරේදා (28) අත්අඩංගුවට ගත් බැව් රත්ගම පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන රත්ගම, කටුදම්පේ ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.
සැකකරුගේ බිරිය විදේශගත වී සිටින අතර, මොහු එදිනෙදා කුලී වැඩකරන අයෙකි. නැන්දම්මා 67 හැවිරිදි වියේ පසුවන අතර සැකකරු බීමතින් පැමිණ නැන්දම්මාට කලිසම පහත්කොට නිරුවත පෙන්වා ඇති බව පොලිසිය පවසයි.
ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බෑනා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval