
මහනුවර තෙල්දෙණිය කොංගල්ල ප්‍රදේශයේ වාහන අලෙවිසලකට ඊයේ (29) අලුයම කඩා වැදුණු පස් දෙනකුගෙන් යුත් කොල්ල කල්ලියක් මුරකරුවන් බැද දමා එහි තිබූ රුපියල් කෝටි 12ක් පමණ වටිනා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථ තුනක් සහ වෑන් රථයක් පැහැර ගෙන ගොස් ඇතැයි ත
ෙල්දෙණිය මූලස්ථාන පොලිසිය කියයි. කොල්ලකන ලද එම වාහන අතරින් ජිප් රථ දෙකක් වත්තේගම ගරාජයක දී කොටස් කිරීමට සුදානම් කර තිබියදී සොයාගත් බවද පොලිසිය සඳහන් කරයි.
වත්තේගම සිරිමල්වත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ගරාජයක එම ජීප් රථ සඟවා තිබූ අතර ඒවා කොටස් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත. ජීප් රථ දෙක පොලිස් බාරයට ගෙන එහි සිටි දෙදෙනෙකු සහ ගරාජයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය සඳහන් කරයි. කොල්ලකරුවන් සොයා මහනුවර අස්ගිරිය නිල සුනඛ මූලස්ථානයේ සුනඛයන් යොදා ඊයේ විශේෂ සෝදිසියක් ද සිදුකළ බව පොලිසිය කියයි.
ෂේන් සෙනෙවිරත්න
Comments
Post a Comment
Your comment will be visible after approval