
මන්නාරම, පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවෙසක් වටලා සෝදිසි කිරීමට පෙරේදා (24) ගිය උයිලන්කුලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමකට පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් පොලිස් නිලධාරින් පස්දෙනකු තුවාල ලබා මන්නාරම දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ නිවෙසක පුද්ගලයකු රඳවා තබාගෙන ඔහුට පහරදෙන බවට ලැබුණු තොරතුරක් මත, උයිලන්කුලම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජගත් කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම නිවෙස වටලා ඇත. එහිදී නිවෙසේ සිටි පියකු සහ පුතකු ඇතුළු කණ්ඩායමක් වැටලීම කළ පොලිස් නිලධාරීන්ට පොලු මුගුරුවලින් දිගට හරහට පහරදීමෙන් සැරයන්වරුන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් තිදෙනකු තුවාල ලැබූ බව මන්නාරම ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. පොලිස් නිලධාරීන්ට පහරදී පලාගිය පිය පුතු ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval