
නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසීය.
"මම ඉස්සෙල්ලාම කියනවා වජිර අබේවර්ධනටත්, එක්සත් ජාතික පක්ෂයටත් 82 ජනමත විචාරණය සම්බන්ධයෙන් එවකට හිටපු මැතිවරණ කොමසාරිස් වාර්තාවක් ලිව්වා. ඒ වාර්තාව අධ්‍යනය කරන්න. මම ඇස්දෙකෙන් දැකලා තියෙනවා තරුණයෙක් විදියට, අපෙ ගමේ ඡන්ද මධ්‍යස්ථානයක අපේ ඉදිරිපිට ගෙදර ඉදලා අපි බලාගෙන හිටියා ඇතුළට පැනලා මැරයෝ ක්‍රියාත්මක වෙනවා.
ජන මත විචාරණය මැතිවරණයක් තියෙනවද නැද්ද කියන එකට පාවිච්චි කරන එක කිසිසේත්ම නීති ගරුක නෑ. මේ රටේ ජනතාව කැමති වෙයිද මේ 225ට තව අවුරුදු 5ක් ආයුෂ ප්‍රාර්ථනා කරන්න. 82 ජනමත විචාරණයේ ඛේදවාචක රාශියක් තියෙනවා. මේ රටේ ප්‍රධාන වමේ කඳවුරෙ දේශපාලන පක්ෂ වන ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය විජය කුමාරතුංග මැතිතුමා අධිකරණයට ගියා මේකට විරුද්ධව. ගියාම මොකද කරෙ? ජනාධිපතිතුමා, ඒ පක්ෂ තහනම් කරා.
ප්‍රති ත්‍රස්ත පනත, මාධ්‍ය නියාමන පනත් මේ සියල්ලම ගේන්නේ මොකටද කියලා දැන් තේරෙනවා නේද? මේ හැංගි හැංහි වෙස් බදින්නෙ මොන නාඩගම නටන්නද කියලා පේනවා නේද?"
Comments
Post a Comment
Your comment will be visible after approval