
රාජ්‍ය බුද්ධි සේවාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී ආපසු යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ නිල ඇඳුම් සහිත ගමන් බෑගයක් බස් රථයේදී කිසිවකු විසින් සොරකම් කර ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා කල්අඩි පොලිස් විද්‍යාලයට අනුයුක්තව සේවය කරන්නකු වන අතර ඔහු පෙරේදා (7 වැනිදා) අදාළ සම්මුඛ පරීක්ෂණයට සහභාගි වී පිටකොටුවෙන් බස් රථයකට ගොඩවී තම ගමන් බෑගය එහි අසුනක් යට තබා තිබේ.
එම ගමන් බෑගයේ නිල ඇඳුම් කට්ටලයක්, සේවා ලේඛනය හා අධ්‍යාපන සහතික ආදියද තිබී ඇත.
කල්අඩි ප්‍රදේශය ආසන්නයේදී බසයෙන් බැසීමට සැරසෙද්දී තම ගමන් බෑගය නැති බව ඔහු දැනගෙන තිබේ.
පසුව අනාවරණය වී ඇත්තේ එය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇති බවයි.
දීපා වසන්ති එදිරිසිංහ
Comments
Post a Comment
Your comment will be visible after approval