
ඩොලරයේ මිල අඩුවීමට සාපේක්ෂව ජංගම දුරකථනවල මිල පහළ දැමීමට තීරණය කළ බව ජංගම දුරකථන ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබේ. කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා මේ බව කීය.
“හැමෝම දන්නවා දැන් ඩොලරය අඩුවෙලා තියෙනවා. ඉතින් අපි සියයට 20කින් ජංගම දුරකථන සහ ඒ හා සම්බන්ධ උපාංගවල මිල අඩුකරන්න තීරණය කළා, මොකද අපි ජනතාව පිටට බර දැම්මා වගේම තමයි, ජනතාවට දීපු බර ඩොලර් එක අඩුවෙද්දී අඩුකරන්න ඕන. එහෙම නැත්නම් ඒක අයථා ව්‍යාපාරයක් වෙනවා. යාපනයේ ඉඳලා මාතර දක්වා සැළකිය යුතු සාමාජිකයින් පිරිසක් ඉන්නවා. ඒ හැමෝම ඒකමතිකව තීරණය කරලා තියෙනවා මේ මිල අඩුකිරීමට.
මේ අනුව අයිෆොන් ප්‍රො මැක්ස් වගේ ඉහළ මිලක් තියන දුරකථනයක් ඉස්සර ලක්ෂ හතරහමාරෙ සිට පහ පසුකර අලෙවි කරා. දැන් මිල ලක්ෂ තුනයි හැත්තෑ පහට අඩු කරලා. ඊට අඩු මිලකට තිබුණ දුරකථනවලත් සාපේක්ෂව එම ප්‍රතිශත වලින්ම මිල අඩුවෙලා තියෙනවා.
නමුත් මිල අඩු ඒවායේ අඩුවීම ලොකුවට දැනෙන් නැතිවෙන්න පුළුවන්. ඒත් අඩුවීමක් තියනවා”
Comments
Post a Comment
Your comment will be visible after approval