
පාසල් විෂය මාලාවට ලිංගික අධ්‍යාපනය විෂයයක් ලෙස ඇතුළත් කිරීම අත්‍යවශ්‍ය බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
“වර්තමාන දරුවන් ලිංගිකත්වය පිළිබඳ සැබෑ තතු නොදනිති.
මේ නිසා ඔවුන් විවිධ ගැටලුවලට වැටේ. සමහර පාසල් දරුවන් සමාජ රෝගයක් යනු කුමක්දැයි නොදනිති. ඇතැම් දරුවන් මෙම රෝග පිළිබඳව නොදැනුවත්වම විවිධ සමාජ රෝගවලට ගොදුරු විය හැකිය.
ඔවුන් මේ රෝගවල රෝග ලක්ෂණ දන්නේ නැහැ,
දෙමාපියන් තම දරුවන් සමඟ වැඩි කාලයක් ගත කරන ලෙස මම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිමි," ඇය වැඩිදුරටත් පැවසුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval