
ඔන්ලයින් (මාර්ග ගත) ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය අද (15) සිට ආරම්භ කෙරෙයි.
එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර තිබේ.
මාර්ගගත ක්‍රමයට අයැදුම්පත් ඉදිරිපත් කරනු ලබන අයැදුම්කරුවන්ට ඔවුන්ගේ ඇඟිලි සලකුණු දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51කට අනුබද්ධ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී ලබා දිය බව ද හැකි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි
විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක් දින සේවාව ද මෙම වැඩසටහන යටතේ සාමාන්‍ය පරිදි සිදුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම නව වැඩපිළිවෙළ යටතේ විදේශ ගමන් බලපත්‍රයක් අයැදුම් කළ පසු, විදේශ ගමන් බලපත්‍රය අයැදුම්කරුවන්ට යැවීම සඳහා දින තුනක් ඇතුළත කුරියර් සේවාවකට ලබා දෙන බවත්, ඉන් අනතුරුව විදේශ ගමන් බලපත්‍රය නිවෙසටම ගෙන්වා ගත හැකියි.
අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ සහ පොතුවිල් යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව සහ හොරොව්පතාන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනය සහ හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, මඩකළපුව දිස්ත්‍රික්කයේ කෝරළෙයි පත්තු (වාලච්චේනයි) සහ කාත්තන්කුඩි යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද ඇඟිලි සලකුණු ලබා දිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ හෝමාගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය, අක්මීමන සහ නෙළුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, මීරිගම සහ ගම්පහ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල සහ තිස්සමහාරාමය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද ඇඟිලි සලකුණු ලබා දිය හැකි බව එම දෙපාර්තමේන්තුව කියයි..
මේ අතර, යාපනය දිස්ත්‍රික්කයේ චාවකච්චේරි සහ පේදුරු තුඩුව යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, මහනුවර දිස්ත්‍රික්කයේ ගම්පොළ, කුණ්ඩසාලේ සහ පූජාපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව සහ රුවන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද ඇඟිලි සලකුණු ලබා දිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය සහ නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද,
මන්නාරම දිස්ත්‍රික්කයේ මන්තායි බටහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය සහ දෙවි නුවර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද ඇගිලි සටහන් ලබා දිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අතර, මොනරාල දිස්ත්‍රික්කයේ බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, මුලතිව් දිස්ත්‍රික්කයේ මුලතිවී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී ද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර, දිඹුලාගල සහ හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම සහ හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ද, රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ, කුරුවිට සහ ඇඹිලිපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සහ වව්නියාව දිස්ත්‍රික්කයේ මොංගල සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ද ඇඟිලි සටහන් ලබා දිය හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි

Comments
Post a Comment
Your comment will be visible after approval