
අද (20) අලුයම් කාලයේ කොළඹ මහනුවර මාර්ගයේ නිට්ටඹුව රදාවඩුන්න ප්‍රදේශයේදී කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යුද හමුදා නිලධාරීන් රැගත් වෑන් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බවුසර් රථයක ගැටී අනතුරක් සිදුවිය.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ යුධ හමුදා නිලධාරීන් 06 දෙනෙකු සිට ඇති අතර ඉන් 05 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත්කර තිබුණි. පසුව බරපතල තත්වයේ පසුවූ එක් නිලධාරියෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රොහලට ඇතුලත්කර ඇත.
පොල්හේන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් රාජකාරි කටයුත්තක් සදහා ගිරිතලේ කඳවුරට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙකු, සැරයන් වරයෙකු හා කෝප්‍රල්වරුන් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර බවුසර් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුර සිදුව ඇත. බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවටගෙන තිබේ.
නිට්ටඹුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Comments
Post a Comment
Your comment will be visible after approval